You are here:: News Center Related News SL SHOULD STRONGLY RESPOND TO THE UN REPORT: RANIL
 
 

SL SHOULD STRONGLY RESPOND TO THE UN REPORT: RANIL

AddThis Social Bookmark Button
මූන්ගේ කමිටු වාර්තාවට නිහඬව සිටීම විකල්පයක්‌ නොවේ-රනිල් Ranil__Parliament_
Opposition Leader Ranil Wickremesinghe said in Parliament today that the present situation is perhaps the most difficult position the country has ever faced since the airdrops in 1987, and therefore his UNP, as a responsible party in the opposition , was committed to putting the country first.

 



Mr. Wickremesinghe told the House in a statement that he did not intend to make political debating points on a partisan basis at this hour.

“We need to be unified and dignified in our response to what is a major challenge to our nation. That is why I appointed a study group of balanced and competent professionals to evaluate the findings of the Panel and give me their considered views on the Advisory Report,” he said.

He said that, on April 20, 2011, even before the report was published, the UNP made a statement making it clear that the party would wholeheartedly co-operate with the government in respect of all genuine efforts to uphold the country’s sovereignty and democracy.

Mr. Wickremesinghe noted that Sri Lanka should maintain a dialogue with the UN, and international relations were no longer confined to discussions between foreign ministries.
“Many governments are influenced by public opinion in respect of human rights and humanitarian issues. Public opinion in turn is shaped by the global electronic and print media. The social media driven by web and mobile technologies is equally important,” he said.
He stressed that it is also necessary for Sri Lanka to respond, where appropriate with strong rebuttal to the Panel Report.

“Remaining silent is no longer an option. The Secretary General’s statement has left no room for that. The government of Sri Lanka and the UN Secretary General have divergent views on the report. Therefore, the Secretary General must ensure that the appropriate weightage is given to Sri Lanka’s response during the dialogue,” he said.

The Opposition Leader hailed the statements made by China and India in this regards, and said that the country should maintain good relations with its neighbors.

Also, he highlighted that Sri Lanka is a signatory to the Rome Convention of the International Criminal Court, and therefore citizens of this country cannot be prosecuted for war crimes.

“During my tenure as the Prime Minister, I declined to sign this Convention,” he said.
Besides, he said that the people of Wanni and the victims in other parts of the country should receive appropriate relief and their rights and dignity ensured.

“We must ensure that the death certificates to the families of those civilians who lost their lives in the war are issued. The government must bring to a close the suffering of a large number of people,” he said.

He said, “National reconciliation is the key to regain our prestige in the international community. All parties and all people must come together, understand the tragic and traumatic period we have gone through and commit ourselves to peace and reconciliation

 

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් පත් කළ කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් නිහඬව සිටීම විකල්පයක්‌ නොවන බව ද ශ්‍රී ලංකාව විසින් ඉතා දැඩිව මෙම වාර්තාවට පිළිතුරු දිය යුතු බව ද විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට උපදෙස්‌ ලබාදීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව පිළිබඳ එක්‌සත් ජාතික පක්‍ෂයේ ස්‌ථාවරය ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකාවේ පැවති ගැටුම්වල අවසාන අදියරේදී සිදු වූ බවට චෝදනා කෙරෙන ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීති උල්ලංඝනය වීම පිළිබඳව වගඋත්තර කීම යන කරුණු සම්බන්ධයෙන් තමා වෙත උපදෙස්‌ දීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත් කරනු ලැබූ විද්වත් කමිටුවෙහි වාර්තාව සම්බන්ධව ආණ්‌ඩුව විසින් වැදගත් හා තීරණාත්මක තීන්දු කිහිපයක්‌ ගතයුතුව ඇති මේ මුල් අවස්‌ථාවේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ අදහස්‌ මේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

මෙම අර්බුදයේ පසුබිම අපි සැකෙවින් සලකා බලමු.

උතුරු නැගෙනහිර යුද්ධයේ අවසන් අදියරෙහිදී වන්නියේ බහුතර ජනතාවක්‌ අවතැන් විය. ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ, එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම නොතකා එල්. ටී. ටී. ඊ. ය සිවිල් වැසියනට යුද කලාපයෙන් ඉවත් වීමට ඉඩ නොදී ඔවුන් මිනිස්‌ පළිහක්‌ ලෙස යොදාගත්තේය. මේ නිසා සිවිල් වැසියෝ හමුදාව සහ එල්. ටී. ටී. ඊ. ය අතර සටනට මැදිවූහ. යුද්ධය නිමවීමෙන් පසුව එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා අන්තර්ජාතික මානව හිමිකම් හා මානුෂීය අයිතීන් පිළිබඳ නීති රීති උල්ලංඝනය වීම පිළිබඳව සොයා බැලීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කළේය. ශ්‍රී ලංකා ආණ්‌ඩුව ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට එකඟ විය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාණ්‌ඩුව ගන්නා පියවර පිළිබඳව තමන්ට උපදේශන ලබාදීම සඳහා විද්වත් කමිටුවක්‌ මහලේකම්වරයා විසින් පත් කළේ මේ අවස්‌ථාවේදීය.

ශ්‍රී ලංකා ආණ්‌ඩුව සහ එල්. ටී. ටී. ඊ. ය ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය අයිතීන් උල්ලංඝනය කළ බවට, පිළිගත හැකි චෝදනා ඇතැයි මහලේකම් විසින් පත් කළ උපදේශක කමිටුව සටහන් කර ඇත. සිවිල් වැසියන් ඝාතනය වීමක්‌ කිසිසේත් නොමැති වූ මෙහෙවරක්‌ සිදුකළ බවට ආණ්‌ඩුව කළ ප්‍රකාශය කමිටුව විසින් පිළිගෙන නොමැත.

මහලේකම්වරයාට ශ්‍රී ලංකා ආණ්‌ඩුව මගින් සාකච්ඡා කිරීම සඳහා යෝජිත රාමුවක්‌ ඔවුන්ගේ නිරීක්‍ෂණ මත ඔවුන් සකසා ඇත. එම වාර්තාව නිකුත් කළ පසු 2011 අප්‍රේල් 26 වන දින, සිය ප්‍රකාශක මගින් නිකුත් කෙරුණු නිවේදනයෙන් මහලේකම්වරයා පවසා ඇත්තේ මෙම කාලය තුළ වන්නියේ වැසියන්ගේ විපත් පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ ප්‍රතිචාර සම්බන්ධව සලකා බැලීම සඳහා විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශයන්ට තමන් සාධනීය ප්‍රතිචාර දක්‌වන බවයි.

එහි සඳහන් කරුණු මූලික වශයෙන් සාවද්‍ය යෑයි ශ්‍රී ලංකා ආණ්‌ඩුව එම වාර්තාව අභියෝගයට ලක්‌කර ඇත.

කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර 2011 අප්‍රේල් 20 දා එක්‌සත් ජාතික පක්‍ෂය නිවේදනයක්‌ නිකුත් කළේය. එහිදී පැහැදිලිවම අප සඳහන් කළේ අපගේ ස්‌වාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීම සඳහා ආණ්‌ඩුව ගන්නා සියලු අවංක උත්සාහයන්ට අපගේ පූර්ණ සහයෝගය ලබාදෙන බවය.

ජාත්‍යන්තර වශයෙන් අද අප පත්ව සිටිනුයේ 1987 දී ගුවනින් ආහාර දැමීමේ සිද්ධියට පසුව ඇති වූ ඉතාම දුෂ්කර අවස්‌ථාවටය. කවර කාරණයකදී වුවත් විපක්‍ෂයේ වගකිවයුතු පක්‍ෂයක්‌ ලෙස රටට ප්‍රමුඛත්වය ලබාදීමට අපි කැපවන්නෙමු. පැහැදිලිවම පක්‍ෂග්‍රාහී දේශපාලන වාසි සඳහා මම ක්‍රියා නොකරන්නෙමි. එවැන්නක්‌ සඳහා ගෙවීමට සිදුවන වන්දිය ලොකු වැඩිය. අපගේ රට මුහුණ දිය යුතු මහා අභියෝගයක්‌ විය හැකි කාරණයකදී අපි එක්‌සත් වී අභිමානවත් වී එයට මුහුණ දිය යුතුය. මේ අසීරු අවස්‌ථාවේදී එයට ප්‍රතිචාර දැක්‌විය යුත්තේ කෙසේදැයි තම වැදගත් අදහස්‌ අප වෙත ඉදිරිපත් කරන්නට යෑයි විද්වත් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක්‌ එම වාර්තාව අධ්‍යයනය කිරීමට මා පත්කෙරුවේ ඒ නිසාය.

මානව හිමිකම් ආයතනගත කරනු ලදුව දැන් ජාත්‍යන්තර නීති පද්ධතියේ කොටසක්‌ බවට පත්වී හමාරය. දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් ගණනාවක්‌ මානව හිමිකම් සම්බන්ධ ගිවිසුම්වලට අනුව ක්‍රියා කරති. ජාත්‍යන්තර සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්‌ අද දවසේ මානව හිමිකම් හා මානුෂීය නීති ආරක්‍ෂා කරලීමට එක්‌ව සිටිති.

මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රඥප්තිය, සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ඇතුළු ගිවිසුම් ගණනාවකට ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී අත්සන් තබා පිළිගෙන ඇත. ඒවා ආරක්‍ෂා කිරීම හා පිළිපැදීම අපේ යුතුකමකි.

දැන් කමිටු වාර්තාව ඇත්තේ විවෘත අවධියකය. විද්වත් කමිටු උපදේශන වාර්තාව ප්‍රසිද්ධ කර ඇතුවා පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ ක්‍රමවේදයන් අනුව මහලේකම්වරයා එහි නිර්දේශ ක්‍රියාවට නඟමින් සිටී. අප කැමැති වුවත් නැතත් දැන් මේ වාර්තාව සක්‍රීයය. ඒ පසුබිමෙහි තවදුරටත් ස්‌වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණ ආරම්භ කළ යුතු යෑයි බොහෝ මානව හිමිකම් සංවිධාන ඉල්ලති. බොහෝ රටවල් මෙම වාර්තාව අධ්‍යයනය කරන්නේ යෑයි කියා ඇත.

අද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, විදේශ කටයුතු අමාත්‍යාංශ අතර කෙරෙන සාකච්ඡාවලට සීමා වන්නේ නැත. මානව හිමිකම් හා මානුෂීය කරුණු සම්බන්ධයෙන් නැඟෙන ජනමතයන් බොහෝ ආණ්‌ඩු වෙත බලපෑම් එල්ල කරයි. ගෝලීය මාධ්‍ය ආවරණ මගින් මෙම ජන මතයන් හැඩගන්වයි. වෙබ් අඩවි හා ජංගම සන්නිවේදන තාක්‍ෂණයන් ඔස්‌සේ මෙහෙයවෙන සමාජ මාධ්‍යයන් ද එකසේම වැදගත්ය. මෑතකදී මැදපෙරදිග සිදුවූ සිදුවීම් එවැනි සමාජ මාධ්‍යයන්ගේ බලපෑම ඔස්‌සේ ඇති වූ ඒවාය. දැන් විද්වත් කමිටු උපදේශන වාර්තාව එවන් මාධ්‍යයන්ගේ සංවාදයට බඳුන් වී ඇත. එනිසා අවසානය පැහැදිලි නැති බොඳ වූ තත්ත්වයකට අපි පත්ව සිsටිමු. එක්‌ එක්‌ රටවල් සහ මානව හිමිකම් සංවිධාන විසින් ගත හැකි පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවට අයහපත් බලපෑම් ඇති විය හැකිය. එහෙයින් මූලික පියවර විය යුත්තේ එවැනි අහිතකර තත්ත්වයක්‌ උදාවීම වළක්‌වාලීමය

ශ්‍රී ලංකාව දිගින් දිගටම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සංවාදයක්‌ පවත්වාගෙන යා යුතුය. අප එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු පමණක්‌ නොව එහි වැදගත් කොටස්‌ කරුවෙකි. 2009 මැයි මාසයේ 23 වැනි දින එක්‌සත් ජාතීන්ගේ මහලේකම් හා ශ්‍රී ලංකා ආණ්‌ඩුව විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයෙහි "ජාත්‍යන්තර මානව හිමිකම් තත්ත්වයන්ට හා ශ්‍රී්‍රS ලංකාවේ ජාත්‍යන්තර වගකීම්වලට අනුව මානව හිමිකම් ආරක්‍ෂා කිරීමටත්, වර්ධනය කිරීමටත් ශ්‍රී ලංකාව කැප වන බව සඳහන්ය. එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමඟ අඛණ්‌ඩ සංවාදයක්‌ පවත්වාගෙන යැම සඳහා මේ කැපවීම ක්‍රියාවෙන්ම පෙන්වීම අවශ්‍යය.

අවශ්‍ය තැන්හි ශ්‍රී ලංකාව විසින් ඉතා දැඩිව කමිටු වාර්තාවට පිළිතුරු දිය යුතුය. ඒ සඳහා ඉඩකඩ මහලේකම්වරයාගේ නිවේදනයෙන් සැලසී තිබේ. නිහඬව සිටීම විකල්පයක්‌ නොවේ. එක්‌සත් ජාතීන්ගේ මහලේකම් හා ශ්‍රී ලංකාව අතර කමිටු වාර්තාව ගැන ඇත්තේ වෙනස්‌ වූ මතය. ඒ නිසා මේ සංවාදයෙහිදී මහලේකම් විසින් ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ ප්‍රතිචාරය සඳහා අවශ්‍ය අවධාරණය ලබාදීමට කටයුතු කළ යුතුව ඇත.

මේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්‌ඩුව සමඟ සාකච්ඡා කරන බවට ඉන්දියාව නිවේදනය කර තිබේ. එය යහපත්ය. අසල්වැසි රට සමඟ මේ යහපත් සබඳතාව අප පවත්වාගෙන යා යුතුය. හොඳ මිත්‍රයකු වශයෙන් චීනය කළ ප්‍රකාශය ද මම අගය කරන්නෙමි. අනෙකුත් මිත්‍ර රටවල් සමඟ ද මේ සාකච්ඡා පවත්වාගෙන යා යුතුය. මේ රටවල් එල්. ටී. ටී. ඊ. අරමුදල් තහනම් කරමින් බටහිර ලෝකයේ ඔවුන්ගේ සංවිධාන ජාල බිඳ දැමීමට අපට උදව් කළහ.

මානව හිමිකම් සංවිධානයන් ද නොසලකාහැරිය යුතු නොවේ. ඒ සඳහා අප අධිෂ්ඨාන සහගත විය යුතුය. අප මූලික අවධානය යොමුකළ යුත්තේ රටේ ස්‌වෛරීභාවය පිළිබඳවය. එහි අංග දෙකක්‌ ඇත. පළමුවැන්න රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත නොගැසීමයි. රජය විසින් ජනතාවගේ අයිතීන් හා නිදහස ආරක්‍ෂා කරලීම දෙවැන්නයි. මෙයට අප විසින් ස්‌වේච්ඡාවෙන්ම ඇති කරගත් ජාත්‍යන්තර බැඳීම ද ඇතුළත්ය. ඕනෑම ආණ්‌ඩුවක්‌ සිය දේශය තුළ ඇතිවන මානව හිමිකම් පිළිබඳ ගැටලු සඳහා අවධානය යොමුකළ යුතුය. කිසියම් ආණ්‌ඩුවක්‌ ඒවා නොසලකා සිටින කල්හි ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ අර්බුද මතුවීම ස්‌වාභාවිකය. සටන්පාඨ කියමින් කෑගැසීම ඊට පිළියමක්‌ නොවේ.

ජාත්‍යන්තර යුද අධිකරණය ස්‌ථාපිත කළ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් කර නොමැත. අගමැතිවරයා හැටියට රෝම සම්මුති සඳහා අත්සන් තැබීම මම ප්‍රතික්‍ෂේප කළෙමි. එනිසා යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර අධීකරණය හමුවට ලාංකේය පුරවැසියන් ගෙන යා නොහැකිය.

වන්නියේ ජනතාව හා විපතට පත් සියලු ජනතාව සඳහා සාධාරණ විසඳුම් ලබාදිය යුතු අතර ඔවුන්ගේ අයිතීන් හා ගරුත්වය ආරක්‍ෂා කිරීමත් සිදුවිය යුත්තකි. එසේම යුද්ධයේදී ජීවිත හානි වූ සිවිල් වැසියනට මරණ සහතික නිකුත් කිරීම කළ යුතුය. යුද්ධයේ වේදනාවන් අවසන් කිරීමට ආණ්‌ඩුව වහාම ක්‍රියා කළ යුතුය.

හමුදා ජයග්‍රහණයෙන් පමණක්‌ ගැටලු අවසන් වී තිරසාර සාමය උදාකරගත නොහැකිය. ප්‍රචණ්‌ඩත්වයට මග පෑදූ සමාජ ආර්ථික තත්ත්වයන් හා ආයතනික සැලසුම් වෙනස්‌ කරලීමට එමගින් අවකාශ පෑදී ඇත. දැන් අපට අවශ්‍ය මේ ගැටලුවලට හේතු බීජ හා අත්මුල් නිවාරණය කළ හැකි සාධාරණත්වයකි. ජනවර්ගයන් අතර වේදනාවන් හා වෛරයන් තීව්‍ර කරවන කිසිදු ක්‍රියාමාර්ගයක්‌ අප අනුගමනය නොකළ යුතුය. වඩාත් විවෘත වඩාත් පරිපූර්ණ හා අසමානතා නැති සමාජයක්‌ නිර්මාණය කරන අතරතුරම විපත්තියේ ගොදුරු බවට පත්වූ ජනතාවගේ අවශ්‍යතා ඉටුකරලීම පෙරදැරි කරගත් සාධාරණත්වයක්‌ කරා සංක්‍රමණය වීමේ විශ්වාසය තහවුරු කළ යුතු බව මා පවසන්නේ එබැවිනි. අපට අවශ්‍ය වනුයේ එක ලෙස ක්‍රියාකාරී හා පලදායී වන සමබර වූ ප්‍රතිපත්තීන් හා උපයෝගිතාවන්ය.

ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ නැගී සිටීමේ ප්‍රධාන සාධකය වනුයේ ජාතික සමගියයි. සියලුම පක්‍ෂ සහ පුද්ගලයන් එකට එක්‌වී පසුගිය කාලයේ අප පසු කළ කනගාටුදායක හා අනතුරුදායක සමය අවබෝධ කරගෙන සාමය සහ සංහිඳියාව සඳහා කැපවිය යුතුය. එක්‌සත්බව, ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කරලීම, බලය බෙදා හදා ගැනීම, සමානාත්මතාවය සහ සියලු ජනවර්ගයන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම පදනම් කරගත් ජාතික එකඟතාවක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමේ මුල් පියවර ආණ්‌ඩුව විසින් ගත යුතුය. මෙහිදී අප සැමටම පැවරෙන වගකීමක්‌ හා කාර්ය භාරයක්‌ තිබේ. මානව හිමිකම් සම්බන්ධයෙන් අප ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාත්මක කරලීමට බැඳී සිටීමේ වගකීම ඉෂ්ට කරන්නට ද ආණ්‌ඩුවට මෙමගින් අවකාශ උදාවේ. මෙවැනි ප්‍රවේශයක සාර්ථකත්වය ර¹පවතිනුයේ අපගේ ආකල්ප හා සිතුම් පැතුම් වෙනස්‌ කරගැනීමේ හැකියාව මතය.

මේ තීරණාත්මක අවස්‌ථාවේ මගේ කතාව අවසන් කරන්නට බලාපොරොත්තු වන්නේ එවක අගමැති ඡේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මෙම සභාව හමුවේ කළ අවසන් කතාවේ කළ සඳහනක්‌ යළි උපුටා දක්‌වමිනි.

"පිරික්‌සුම් එළිය යොමුකරමින්

ඔබ ඔබට ම පහනක්‌a වන්න

සත්‍යයෙහි ඇලී සිටින්න.

මේ ජීවිතයේදී පමණක්‌ නොව මතු ආත්මවලදී පවා

කිසිදා විපතක්‌ සිදු නොවේ."