You are here:: News Center Related News මහල් නිවාස හදන්න මුදල් කෝ. - එජාප අසයි
 
 

මහල් නිවාස හදන්න මුදල් කෝ. - එජාප අසයි

AddThis Social Bookmark Button
UNP_logo_2ආණ්ඩුව මෙවර කොළඹ මහ නගර සභාව කෙසේ හෝ ජය ගැනීමට උත්සාහ දරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ සඳහා ආණ්ඩුව ජනතාවට විවිධ පොරොන්දුව දෙමින් විවිධ බලාපොරොත්තු ලබා දෙමින් සිටින බවයි එම පක්ෂය පවසන්නේ. තට්ටු නිවාස විශාල සංඛ්‍යාවක් තනා කොළඹ පැල්පත්වාසීන්ට ලබාදෙන බව පැවසුව ද මෙතෙක් ප‍්‍රදර්ශනය කරන්නේ තට්ටු නිවාස ආකෘති පමණක් බව ද එම පක්ෂය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම විශාල ව්‍යාපෘති සඳහා ආණ්ඩුව මුදල් ලබා ගන්නේ කෙසේ ද යන්න මෙතෙක් පෙන්වා දී නොමැති බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ.  තම පක්ෂයේ බලය පැවති සමයේ ඉදිකළ තට්ටු නිවාස නඩත්තු කිරීමට හෝ ආණ්ඩුවට නොහැකි වී ඇති බව අද පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා