You are here:: News Center Related News ද ෆිනෑන්ස්’ සමාගම අධිකරණ නියෝග කඩල - රවී
 
 

ද ෆිනෑන්ස්’ සමාගම අධිකරණ නියෝග කඩල - රවී

AddThis Social Bookmark Button

ravi_karunanayake_Press_Conference‘ද ෆිනෑන්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් 08 දෙනෙකු පත් කිරීම ගැටළු සහගත බවත්, එය අධිකරණ නියෝගයක් කඩ කිරීමක් බවත් එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත‍්‍රි රවී කරුණානායක මහතා කොළඹ අද (15)  පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් එම තනතුරුවලින් ඉවත් වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් පනවා ඇති බවයි.

එවැනි අධිකරණ නියෝගයක් තිබියදී අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් පත්කිරීම අනුමත කළ නොහැකි බවද රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය. ‘ද ෆිනෑන්ස්’  සමාගමේ මුදල් තැන්පත් කළ අහිංසක ජනතාවට ඒ  මුදල් වෙනුවෙන් වන්දි ගෙවීමට ආණ්ඩුවට හැකියාව තිබියදී, මේ ආණ්ඩුව  ඒ සල්ලි පාවිච්චි කරමින් නාඩගම් නටන බවත්, සිදු වන අසාධාරණය ඉවසා ගත නොහැකිව තැන්පත්කරුවන් ගණනාවක් සිය දිවි නසා ගෙන ද තිබෙන බවත් ඔහු එම ප‍්‍රවෘත්ති සාච්ඡාවේදී පැවසීය. කොළඹ 07, ශ‍්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක නිල නිවසේ පැවැති මේ ප‍්‍රවෘත්ති සාකච්ඡවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේද කීය.

‘‘ගොල්ඩන් කී’ සහ ‘ද ෆිනෑන්ස්’ සමාගම් කඩා වැටුණු ආකාරයත්, ඒ සමාගම් එසේ කඩා වැට්ටවීමට ක‍්‍රියා කළේ කවුරුන්ද යන්න පිළිබඳවත් මේ ආයතනවල මුදල් ආයෝජනය කළ ගනුදෙනුකරුවන්ට අත්වී තිබෙන ඉරණමත් කවුරුත් දන්නවා. පුද්ගලික අංශයේ ඉඩම් විශාල ප‍්‍රමාණයක් 2011 නොවැම්බර් මාසයේදී ආණ්ඩුව රජයට පවරා ගත් අතර ඒ පිළිබඳ තොරතුරු රැසක් ද අප ඉදිරියේදී හෙළිදරව් කරනවා.

ලලිත් කොතලාවල සහ පද්මිණී කරුණානායක ඇතුළු පිරිසට ‘ද ෆිනෑන්ස් සමාගමේ’ අධ්‍යක්‍ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්විය නොහැකි ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් දී තිබුණා. එවිට මේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් ගෙවන්නේ කෙසේද යන්න පිළිබඳව ඒ අයගේ දැනුම පාවිච්චි කිරීමට හැකියාව තිබුණා. කෙසේ  නමුත් ‘ද ෆිනෑන්ස් සමාගමේ‘ නව අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස ක‍්‍රියා කරන්නේ මහින්ද ප‍්‍රීති ජයවර්ධන, අජිත් ලසන්ත දේවසුරේන්ද්‍ර, වයලට් විමලා දිසානායක, තිස්ස බණ්ඩාරනායක, නිර්මලා අනුර ප‍්‍රනාන්දු, රාමනාදන් නඩරාජා, ආචාර්ය ඉරුනාස බණ්ඩාර සෙන්තවිල්, කමල් ජයන්ත යටවර සහ චෙල් රෝසා යන අයයි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස් ප‍්‍රමාණයක් මිලදී ගත්තේ මේ අය අධ්‍යක්‍ෂ මණ්ඩලය ලෙස ක‍්‍රියා කරන ‘ද ෆිනෑන්ස්’ සමාගමයි. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සමාගමේ හිටපු අධ්‍යක්‍ෂකවරුන් ඉල්ලා අස්නොවිය යුතු බවට තින්දුවක් දී තිබිය දී ඒඅ ය ඉල්ලා අස් වුණේ කෙසේද? ඒඅ ය ඉල්ලා අස්වුණාද, නැතිනම් ඉල්ලා අස් කළාද, නොඑසේ නම් බලහත්කාරයෙන් මේ අයගේ කොටස් පවරා ගෙන තිබෙනවාද? කොළඹ කොල්ලූපිටිය, ගාලූ පාරේ සෙබස්කතියල් ටවර්ස් සෙලින්කෝ ආයතනය මගින් නැවත ගොඩනැගීමට ගිය අවස්ථාවේදී ආණ්ඩුව 2011 නොවැම්බර් මාසයේදී ඒ ව්‍යාපෘතිය රජයට පවරා ගත්තා. ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් බලය ලත් නිලධාරියෙකු පත් කර පුද්ගලික අංශය සමග ද ඒකාබද්ධව මේ වැඩකටයුතු ක‍්‍රියාත්මක කළ යුතු යැයි පාර්ලිමේන්තුවේදී පවා කියා සිටියා.

මේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම රුපියල් කෝටි 980ක් ලෙස තක්සේරු කර තිබුණා. මේ තක්සේරුවෙන් පසුව මේ සම්බන්ධයෙන් තක්සේරුවක් ඉදිරිපත් කරමින් එම ව්‍යාපෘතියේ බලය ලත් නිලධාරී මහාචාර්ය ලක්‍ෂ්මන් වටවල මහතා අදාළ තක්සේරුවට වඩා රුපියල් ලක්‍ෂ 90ක් අඩුවෙන් නව තක්සේරුවක් ඉදිරිපත් කළා. මේ ආණ්ඩුව රුපියල් කෝටි 980ක් ලෙස  තක්සේරු ගත කෙරුණු මේ ව්‍යාපෘතිය කෝටි 410කට සයිනෝ ලංකා හෝම්ස්පා යන සමාගමට පවරා දී තිබෙන අතර ඒ සමාගම අදාළ වැඩකටයුතු ද ආරම්භ කර තිබෙනවා. මේ සමාගමේ ප‍්‍රාග්ධනය රුපියල් 40ක් වන අතර මේ සමාගම ආරම්භ කර තිබෙන්නේ 2011 නොවැම්බර් මාසයේදීයි.

පුද්ගලයින් හතර දෙනෙක් එක්ව රුපියල් 40කින් ගොඩනගා තිබෙන මේ සමාගම රුපියල් කෝටි 980ක් වටිනා ව්‍යාපෘතියක් රුපියල් කෝටි 410ට ගත්තේ කෙසේද? මේ ව්‍යාපෘතිය රුපියල් කෝටි 410කට අදාළ සමාගමට පවරා ඉතිරි රුපියල් කෝටි 570 ගත්තේ කවරුන්ද? මේ මුදල් සම්භාරයෙන් අහිංසක සහ අසරණ වූ තැන්පත්කරුවන්ගේ මුදල් වෙනුවෙන් වන්දි ගෙවීමට පාවිච්චි කළ යුතුව තිබුණා නොවේද ? මේ සියලූ දූෂණ වංචා සහ අක‍්‍රමිකතාද, අයථා ගනුදෙනු ද සිදු වන්නේ ආණ්ඩුවේ දැනුවත්භාවය ඇතිව බව එක්සත් ජාතික පක්‍ෂය ඉතා පැහැදිලිව කරුණු සහිතව එදා සිට පෙන්වා දී තිබෙන” යයිද කරුණානායක මන්ත්‍රීවරයා පැවසිය.