You are here:: News Center Related News වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්වූ සහ තුවාල ලැබූ පාර්ශ්වයන්ට අපේ කණගාටුව
 
 

වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්වූ සහ තුවාල ලැබූ පාර්ශ්වයන්ට අපේ කණගාටුව

AddThis Social Bookmark Button

welkadaaඑක්සත් ජාතික පක්‍ෂය නිකුත් කළ පුවත් නිවේදනය!
පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්වූ සහ තුවාල ලැබූ පාර්ශ්වයන්ට අපේ කණගාටුව පළ කර සිටිමු. මෙම වසර ඇතුළත වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ දෙවන ගැටුම මෙය වන අතර පළමු ගැටුමේදී ද රැඳවියන් කිහිප දෙනෙකු ජීවික්‍ෂයට පත් විය. ඊට අමතරව කළුතර, වව්නියාව, අනුරාධපුරය,

ගාල්ල, මාතර වැනි ප්‍රදේශවල පිහිටි බන්ධනාගාරවල ද මීට පෙර මෙවැනි සිදුවීම් ඇති වූ අතර නැවතත් එවැනි ගැටුම් ඇති නොවීමට වගබලා ගන්නා බවට ඒ අවස්ථාවේ දී පොරොන්දු වූ ආණ්ඩුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු ද පත් කළේය. කමිටු කොතෙක් පත් කළ ද මෙම ගැටුම් නතර කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම සම්බන්ධයෙන් අපි මහත් කනස්සල්ලට පත්වී සිටිමු.


බන්ධනාගාර රැඳවියන් ආරක්‍ෂා කිරීමට නිසි පියවර ගෙන තිබුණ ද, ආණ්ඩුවේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙවැනි සිදුවීම් දිගටම සිදු වන අතර මෙම සිද්ධියට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බව ද අප තරයේ අවධාරණය කර සිටිමු.

"බන්ධනාගාර රැදවියන් ද මනුෂ්‍යයෝය". යන තේමාව සම්පූර්ණයෙන්ම අමතක කර ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන ආණ්ඩුව වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ මෙම සිද්ධිය හේතුවෙන් ජාත්‍යන්තර බන්ධනාගාර රැදවියන්ගේ ප්‍රඥප්තිය ද හෑල්ලූවට ලක් කර තිබේ.

අහිමි වූ මනුෂ්‍ය ජීවිත පිළිබඳ කතා කරනවාට වඩා රැඳවියන්ගේ චරිතය පිළිබඳ කතා කරමින් ඒ සිදුවීම සාධාරණීකරණය කිරීමට ගන්නා උත්සාහය හෙළා දකින අප ආණ්ඩුවෙන් තරයේ ඉල්ලා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ අවසාන සිදුවීම මෙය විය යුතු අතර මින් ඉදිරියට බන්ධනාගාර තුළ මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට වගබලා ගත යුතු බවයි.

එමෙන්ම මෙම සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්වූ හා තුවාල ලැබූ සියලූ පාර්ශ්වයන්ට වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.