You are here:: News Center Related News කුණාටු එන්නේ ඇපොයින්මන්ට් දාලා නොවේ: පම්පෝරි ගැසූ සැටලයිටය සහ අධි තාක්ෂනික උපකරන කෝ? අමරවීර ඉල්ලා අස්විය යුතුයි -රවි කරුණානායක
 
 

කුණාටු එන්නේ ඇපොයින්මන්ට් දාලා නොවේ: පම්පෝරි ගැසූ සැටලයිටය සහ අධි තාක්ෂනික උපකරන කෝ? අමරවීර ඉල්ලා අස්විය යුතුයි -රවි කරුණානායක

AddThis Social Bookmark Button
ravee සුළි කුණාටු සහ සුනාමි එන්නේ ආණ්ඩුවත් සමග ඇපොයින්මන්ට් දාගෙන නොවන බවත් පම්පෝරි ගැසූ සැටලයිටයට සහ අධි තාක්ෂණික උපකරණ වලට කුමක් වී දැයි ප‍්‍රශ්න කරන එජාප පා.ම. රවි කරුණානායක මහතා කිසිදු කළමණාකරණ දැනුමක් නැති ආපදා කළමණාකරණ ඇමැති මහින්ද අමරවීර ඉල්ලා අස්විය යුතු යැයි පැවසීය. ශ‍්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය කඳුලින් නැහැවූ ඛේදවාචකය සම්බන්ධයෙන් ආණ්ඩුවේ නරුම ප‍්‍රතිපත්තිය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරන රවි කරුණානායක මහතා මෙසේද කීය.

පිළිබඳ තොරතුරු කල් ඇතිව රටට ජනතාවට දැනුම් දීමට අදාළ බලධාරීන් අපොහොසත් වීම සහ ඒ හේතුවෙන් ධීවරයින් ගණනාවක් අකාලයේ ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කරනවා.

මේ සුළි කුණාටුව පිළිබඳ තොරතුරු කල් ඇතිව රටට ජනතාවට ලබා නොදීමෙන් ධීවරයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ධීවරයන් 29 ක් අතුරුදන්ව බෝට්ටු 37 ක් විනාශ වුණාට පසුව ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍යවරයාගෙන්ද අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයාගෙන්ද වාර්තා කැඳවීම ඉතාම කණගාටුදායක සේම හාස්‍යජනක යැයි පෙන්වා දුන් කොළඹ දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා අහිංසක මිනිස් ජීවිත මුහුදු රකුසාට බිලි ගැනීමට ඉඩ දී ඊට පසුව වගකිව යුත්තන් මෙසේ ඇග බේරා ගැනීම ඉතාම පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින්නේ යැයිද කීය.

ආපදා කළමණාකරණය ගැන කිසිදු කළමනාකරන දැනුමක් නොමැති ආපදා කළමණාකරන ඇමැති මහින්ද අමරවීර මහතා මේ සිද්ධියේ සම්පූර්ණ වගකීම භාරගෙන වහාම සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුවා පමණක් නොව රටෙන් ජනතාවගෙන් සමාව ගත යුතු යැයිද රවී කරුණානායක මහතා පැවසීය.

මිනිස් ජීවිත අයාලයේ අහිමි වුණාට පසුව ඒ ගැන විමර්ශන වාර්තා කැඳවීමේ ඵලය කුමක්දැයි ප‍්‍රශ්න කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා, සුනාමි සහ සුළි කුණාටු ඇතුළු හදිසි ආපදා ආණ්ඩුව සමග ඇපොයිමන්ට් ගෙන ඇති කිරීමේ ස්වභාවයක් ස්වභාව ධර්මයාගේ නොමැති නිසා බලධාරීන්ගේ වගකීම සහ කාර්යභාරය වන්නේ එම හදිසි ආපදා කල් ඇතිව හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් රටත් ජනතාවත් දැනුම්වත් කිරීම යැයිද අවධාරණය කළේය.

හදිසි ආපදාවක් ඇති වී මිනිස් ජීවිත අහිමි වුණාට පසුව ඒ ගැන කරුණු සොයන ආණ්ඩුවකින්, ආපදා කළමණාකරණ අමාත්‍යංශයකින්, කාලගුණ දෙපාර්තමේන්තුවකින් රටට ජනතාවට ඇති ඵලය කුමක්දැයිද රවී කරුණානායක මහතා ප‍්‍රශ්න කළේය.
මෙවැනි හදිසි ආපදා කල් ඇතිව හඳුනා ගැනීමට රුපියල් කෝටි ගණන් වියදම් කරමින් ආපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇතැයි පම්පෝරි ගැසූ තාක්ෂණික යන්ත්‍රෝපකරණ පද්ධතියට කුමක් සිදු වී ඇත්දැයි විමසා සිටිය යුතු බවත් පසුගියදා පම්පෝරි ගසා අභ්‍යවකාශයට යැවූ සැටලයිටයෙන් වැඩක් ගෙන නැතැයිද කී රවී කරුණානායක මහතා, එම අධිතාක්ෂණික පද්ධතියට සහ සැටලයිටයට සුළි කුණාටුව හසු නොවුණේ එම උපකරණත් යල් පැනපු උපකරණ නිසාද යන ප‍්‍රශ්නය මතු වන්නේ යැයිද පැවසීය.