You are here:: News Center Related News තම්ලිනීට නිදහස දුන්නේ - ශ්‍රීල.නි.ප ඡන්දය ඉල්ලන නිසා
 
 

තම්ලිනීට නිදහස දුන්නේ - ශ්‍රීල.නි.ප ඡන්දය ඉල්ලන නිසා

AddThis Social Bookmark Button
Ravi_Karunanayake_Black_and_white_imageතම්ලිනි නම් වු කොටි කාන්තාව නිදහස් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජන්ද ඉල්ලීමට සුදානම් වීම හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි. ඕනෑම මිනීමරවෙකුට සාටකයේ එල්ලීමෙන් ගොඩ යා හැකි බවද අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ හට ගෙන ඇති බැවින් දැන් එම පක්ෂය දෙකඩ වී ඇති බවත්, වයඹ,මධ්‍යම හා උතුරු ඡන්දයට පෙර 13 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් ආණ්ඩුව විසින් කළ යුතු බවත් හෙතෙම පැවසීය. විදුලි බිල වැඩි වීම හා ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව කෝප් කමිටුව සොයා බැලිය යුතු බවට ඩිව්. ගුණසේකර මහතාව දැනුවත් කළ බව එම අවස්ථාව අමතමින් කරුණානායක මහතා කියා සිටියේය. ජනාධිපතිවරයාගේ උපදේස් මත වැසිකිළි 8 ක් විවෘත කිරීම සම්බන්ධයෙන් මිට දින දෙකකට පෙර පුවත්පතක වාර්තා වී තිබූ අතර මේවා සංවර්ධන කාර්යයන් නොවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.