මද්දුම බණ්ඩාරගෙන් රු බිලියනයක වන්දි ඉල්ලා රවි නඩු මගට

Aug 02, 2020

මධ්‍යම සංස්කෘතීක අරමුදලේ සිදුවූ වංචා විමර්ෂණය කිරීමට පත් කල කොමිසමේ වාර්තාව පසුගියදා අගමැතිවරයා අතට පත් විය. සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමතිවරයා ලෙස සිටියදී රු බිලියන 11 ක් අවභාවිතා කොට ඇති බව සාක්ෂි සහිතව එම වාර්තාවේ දක්වා ඇත.

පරීක්ෂණ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමත් සමගම සජිත් අත් අඩංගුවට පත්වීමට ඉඩ ඇතැයි වූ පුවතකින් දේශපාලන කරලිය ගිණියම් විය. ඊට පසුදින සජිත්ගේ පක්ෂය පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදී මධ්‍යවේදීන් මේ පිලිබදව ප්‍රශ්න කළහ.

එහිදී අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මධ්‍යම සංස්කෘතීක අරමුදල් සිද්ධිය කුමන්ත්‍රණයක් ලෙස හදුන්වා දුන්නේය.නමුත් මාධ්‍යවේදීන් මද්දුම බණ්ඩාරගේ පිළිතුර පිළිනොගත් අතර සංස්කෘතීක අරමුදලින් රු බිලියන 11 ක් මුල්‍ය රෙගුලාසි වලට පටහැනිව වියදම් කොට ඇති බව බව පෙන්වා දුන්හ.

එහිදී අසරණ වූ රංජිත් මද්දුම බණ්ඩාර බිලියන 11 ආයතන සංග්‍රහය සහ මූල්‍ය රෙගුලාසි වලට පිටින් වියදම් වී ඇති බව පිලිගත්තේය. එහිදී කිතුලාගේ භූමිකාවට පිවිසි මද්දුම බණ්ඩාර, මධ්‍යම සංස්කෘතීක අරමුදල් සිද්ධිය අහඹුවක් නොව රනිල්- රවි දැනුවත්ව කළ කුමන්ත්‍රණයක් ලෙස හදුන්වා දුන්නේය.

එපමනක් නොව, ”වංචාව ගැන පැමිණිලි කරන්නේ රවි කරුණානායක මහත්තයා, ඒක පරීක්ෂා කරන්නේ රාජපක්ෂ පාලනයෙන් . දෙගොල්ලන්ගේ හවුල, ඩීල් එක , හොදට පේනවනේ” යනුවෙන් ප්‍රකාශ කළේය. රවී නීති ක්‍රියාමාර්ග ගත්තේ මෙම ප්‍රකාශයට එරෙහිවය

රවි කරුණානායක මේවන විට සිය නීතීඥයා හරහා , රංජිත් මද්දුම බණ්ඩාරගෙන් රු බිලියනයක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා ඇත. තමාට කිසිවෙකු සමග ‘ඩීල්’ නැති බවත් රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රකාශය සාහසික සහ ද්වේශ සහගත එකක් බව ඉන් අවධාරණය කොට ඇත