Press & Media

ලෙනින් ගැන කතා කළාට වැඩන් නැහැ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න - RK ජවිපෙට කියයි

ලෙනින් ගැන කතා කළාට වැඩන් නැහැ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න - RK ජවිපෙට කියයි

ජනාතා විමුක්ති පෙරමුණ රට සහ ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකොට

වී.අයි ලෙනින් ගැන කතා කිරිමෙන් ඵලක් නැතැයි එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රීක් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ජවිපෙ ඇත්තේ කතාව පමණක් බව සහ කිසිඳු සාර්ථකත්වයක් නැති බවයි.

“ජනතාව විමුක්ති පෙරමුණේ කතාව විතරයි. නමුත් කිසිම සාර්ථකත්වයක් නැහැ. කතාව පහසුයි. ප්‍රතිපත්තියකට, ඉලක්කයකට සහ අරමුණකට අනුව රට-ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීම එසේ පහසු නැහැ. වී.අයි ලෙනින් ගැන කතා කතා කළාට රටට-ජනතාවට ඵලක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ රට-ජනතාව වෙනුවෙන් වන සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි.”

රට බංකොලොත් කළේ එක්සත් ජාතික පක්ෂය හෝ එහි නායක රනිල් වික්‍රමසිංහ නොවන බව පවසන රවි කරුණානායක, සියලු දෙනාම වැරදි ඇති බැවින් රට ගොඩනගා ජනතාවට සාධාරණය ඉටු කිරීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යය බවයි.

වැට් බද්දේ වාසිය ද ජනතාවට ලැබිය යුතු බව ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයේ ගෙන යමින් බංකොලොත් භාවයෙන් රටත් ජනතාවත් මුදවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

- theleader.lk -

Search