Press & Media

රනිල්ගේ 'කැම්පේන් මැනේජර්' හරින් - එජාප සන්ධානයේ කැඳවුම්කරු රවී !

රනිල්ගේ 'කැම්පේන් මැනේජර්' හරින් - එජාප සන්ධානයේ කැඳවුම්කරු රවී !

ඉදිරි ජාතික මැතිවරණයක් හමුවේ විවිධ සැලසුම් සකස් කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතියෙන් ඊයේ (13) නව තනතුරු ගණනාවක් පත් කර ඇති බව අනාවරණය වේ.

මෙයින් ප්‍රමුඛතම තනතුර ලෙස එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ කැඳවුම්කරු යනුවෙන් නව තනතුරක් ඇති කර එය රවී කරුණානායකට ලබා දී ඇති බව හෙළි වේ. එජාප මුලිකත්වයෙන් ගොඩනගන නව සන්ධානයේ මුලික වගකීම් ඔහුට පවරා තිබෙන බව වාර්තාවේ.

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වී එහි කැම්පේන් මැනේජර් (Campaign Manager) තනතුර ඇමති හරීන් ප්‍රනාන්දුට නැවතවරක් ලබා දී තිබේ.

එම තනතුර ලංකා බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරාට ලබා දී ඇති බවට මීට සතිකට පමණ පෙර ආණ්ඩුවේ සිළුමිණ පුවත්පත වාර්තා කර තිබිණි.

Ronald mahindaඑමෙන්ම ජනාධිපති නීතිඥ මහින්ද හරදාස් මුදල් කටයුතු භාරව මූලික වගකිව යුත්තා ලෙසද පත් කර ඇත.

එමෙන්ම මේ වනවිට වාර්තා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කැම්පේන් මැනේජර් ලෙස පත් කර තිබූ බවට සිළුමිණ වාර්තා කර තිබූ රෝලන්ඩ් පෙරේරා එජාප 'සිරිකොත' මූලස්ථානයේ සිට එජාප සමස්ත සංවිධාන කටයුතු මෙහෙයවීමට පත් කර ඇති බවය.

එමෙන්ම සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු සමස්ත ක්‍රියාවලියේම මෙහෙයුම්කරු ලෙස පත් කර තිබෙන අතර මෙම කිසිවකුට හෝ නිල වශයෙන් එම පත්වීම් ලිඛිතව ලබා දී නැති බව වැඩි දුරටත් හෙළි වේ.

මේ නිසාම ඕනෑම මොහොතක අදාළ තනතුරු මාරු කිරීමට හෝ නව තනතුර සඳහා පුද්ගලයින් පත් කිරීමේ හැකියාවද සුපුරුදු පරිදි රනිල් වික්‍රමසිංහ වෙත තබාගෙන තිබේ.

 

Lankatruth.com

Search