Press & Media

නියම වෙලාවට බලවත්ම සන්ධානය එළියට දානවා - රවී K

නියම වෙලාවට බලවත්ම සන්ධානය එළියට දානවා - රවී K

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

මේ වන විට හතු පිපෙනවා සේ හැදෙන සන්ධාන වලින් වැඩක් නැතැයි කී රවී කරුණානායක, ඇතැම් සන්ධාන බිඳ වැටෙමින් තිබෙන බව කීය.

එළඹෙන මැයි දින සැමරුම හරහා එක්සත් ජාතික පක්ෂයේ බලය පෙන්වීමට සූදානම් බව කී හිටපු මුදල් අමාත්‍යවරයා, පක්ෂය හැරගිය උදවියගෙන් 90%ක් පමණ නැවත පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

ඔහු මේබව කියා සිටියේ, කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව බලයේ සිටි හැම අවස්ථාවකදීම රට සංවර්ධනය වූ බව කී කරුණානායක, එක්සත් ජාතික පක්ෂය දුර්වල වූ අවස්ථාවේ රට බංකොලොත් වූ බව කීය.

වැඩ කරන, රට හදන සන්ධානයක් නිර්මාණය කරමින් සිටින බව කී රවී කරුණානායක, රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්න නොහැකි පාර්ශව සමඟ සන්ධාන හදා තේරුමක් නැතැයි පැවසීය.

Search