Press & Media

'වැල් පාලමේ එල්ලිලා හැමදාම ඉන්න බැ' - එජාප ජාතික ලේකම්

'වැල් පාලමේ එල්ලිලා හැමදාම ඉන්න බැ' - එජාප ජාතික ලේකම්

හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක පැවසීය.

ඉක්මනින් ස්ථිර පාලමක් හදාගත යුතු බව කී එජාප ජාතික ලේකම්වරයා, කඩිනමින් ණය බරෙන් එළියට පැමිණිය යුතුව තිබෙන්නේ යැයි ද සඳහන් කළේය.

බුලත් කඩයක් වත් නැති අය ආර්ථිකය දුවවන හැටි රටට පෙන්වා දිය යුතු බව කී රවී කරුණානායක, මැතිවරණය නියමිත කාලයේදීම පැවැත්විය යුතු බවට ජනපති දැනුම් දී තිබෙන්නේ යැයි කීය.

දැන් විදෙස් ආයෝජන රටට එන්න පටන් ගෙන ඇති අතර නවතා තිබූ විදෙස් සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ආරම්භ කෙරෙමින් තිබෙන බව ද ඔහු පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක එම කරුණු කියා සිටියේ, කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාව ණය ගෙවිය යුතු ආකාරය පිළිගැනීමෙන් අනතුරුව සියයට 28 මුහුණත අගය කපා හැරීමෙන් රටක් හැටියට ඉදිරියට යාමට හැකියාව ලැබෙන බවයි රවී කරුණානායක පවසන්නේ.

මෙම තත්ත්වය මත නවතා තිබූ විදෙස් ආයෝජන නැවත ආරම්භ වෙන බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

''රට ණය බරින් එළියට ගන්න කටයුතු කරනවා''

එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ එජාප ජාතික ලේකම්වරයා, මෙසේද පැවසිය.

වර්තමාන තත්ත්වය මත විදෙස් ආයෝජන රටට එන්න පටන් ගන්නවා. නවතා තිබූ විදෙස් සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ගන්න ආරම්භ කරනවා...

ගිය සතියේ සියලුම ණයකරුවන්ගේ සහාය ලංකාවට ලබා දීමට පිළිගත්තා.

විදේශ ණය ණය.එස් බිලියන 37ක්.. සියයට 28ක කට් එකක්..

රටට ණය දුන් අය එකඟ වුණා ...ණය ගෙවන ආකාරය අපි පිළිඅරන්..ගෙවන ආකාරය අපි පිළිඅරන් තියෙනවා..විස්සයි විසි අටේදී ගෙවන ආකාරය..

මේ නිසා පංකොලොත්තු රටක් කියන එකෙන් අපි එළියට ඇවිත්..

අපිට මේ නිසා විශේෂ දේවල් රටට ලැබෙනවා සහනාධාර ණය ගන්න පුළුවන්. අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර වලට.

විදෙස් ආයෝජනය කරන්න තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා..

නවතා තිබූ විදෙස් ආයෝජන නැවත පටන් ගන්න පුළුවන්.. අධිවේගී මාර්ග හා තවත් සංවර්ධන කටයුතු අයෙත් ආරම්භ කරන්න පුළුවන්

සමස්ත වැඩි බහුතරය කැමැත්ත ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බවත්, මෙම ලියවිලි ඉදිරියේදී ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේය.

(සටහන - උෂාන්ත )

TheLeader

Search