Press & Media

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් (Elaeis guineensis) වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් (Elaeis guineensis) වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් (Elaeis guineensis) වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. හිටපු අමාත්‍යවරයා කටුපොල් වගාහිමියන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව පවසා තිබෙනවා.

කටුපොල් වගා කරන ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබුණා. එය සංවිධානය කර තිබුණේ ‘හරිත දෙරණ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය’ විසින්. එම වගා හිමියන් පවසා ඇත්තේ කටුපොල් වගාව තහනම් කිරීම නිසා පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි. අපනයන භෝගයක් ලෙස දියුණු කිරීමේ හැකියාව ඇති බව පවසන කටුපොල් වගාව යළි ස්ථාපිත කර දෙන ලෙස හිටපු අමාත්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලා සිට තිබුණා. තම ඉඩම්වල වගේම රජයේ ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දුන්නොත් තේ රබර් වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බවද ගොවීන් පවසා ඇති බවයි කියන්නේ. ඇතැම් පුද්ගලයින්ගේ දුර්මත නිසා මෙම භෝග වගාව තහනමට ලක්කර ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසා ඇත්තේ කටුපොල් සම්බන්ධයෙන් පවතින දුර්මත ඉවත් කරගෙන වගාව පිළිබඳව විශේෂඥ දැනුම් ඇති පුද්ගලයින් පිළිබඳව සාකච්ඡා කර යළි වගාව සඳහා අවසර ලබාදීමට කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ලබන ජනවාරි මාසය වන විට පවතින තහනම ඉවත් කිරීම සඳහා කටයුතු සලසන බව ඔහු පවසා තිබෙනවා.

Search