බොරු සන්ධාන වැඩක් නැහැ-රට හදන සන්ධානය සුදුසු වෙලාවට එළියට දානවා
කතා දෙකක් නැහැ-මුලින්ම එන්නේ ජනාධිපතිවරණය
එජාපය ශක්තිමත් අවස්ථාවේ රට සංවර්ධනය වුණා-දුර්වල අවස්ථාවේ රට බංකොලොත් වුණා
මහ බැංකුව ගැන කිව්ව කතා නිවැරදි බව ඔප්පු වුණා
මෙම වසරේ පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබුණත්, රටේ ස්ථාවරත්වයක් වෙනුවෙන් පළමුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව සිය ස්ථාවරය යැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පවසයි.
ජනප්‍රිය හා ප්‍රසිද්ධ තීන්දු මෙන්ම බොරු පොරොන්දු දේශපාලන සම්ප්‍රදාය අවසන් කළ යුතුව ඇති බවත් ඒ වෙනුවට රටට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගන්නා ප්‍රතිපත්තිමය දේශපාලනයට මුල්තැන දිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
Read more …