ඉදිරි ජාතික මැතිවරණයක් හමුවේ විවිධ සැලසුම් සකස් කරමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතියෙන් ඊයේ (13) නව තනතුරු ගණනාවක් පත් කර ඇති බව අනාවරණය වේ.
මෙයින් ප්‍රමුඛතම තනතුර ලෙස එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ කැඳවුම්කරු යනුවෙන් නව තනතුරක් ඇති කර එය රවී කරුණානායකට ලබා දී ඇති බව හෙළි වේ. එජාප මුලිකත්වයෙන් ගොඩනගන නව සන්ධානයේ මුලික වගකීම් ඔහුට පවරා තිබෙන බව වාර්තාවේ.